මිහිරි සිහිනයක දැවටුන, මිහිරි ගීතයක් වාගේ...

මේක හරිම සරල ගීයක්... කියන්නේ විජේරත්න වරකාගොඩ...දැන් දැන් අහන්න ලැබෙන්නෙම නෑ... නමුත් හරිම සුන්දරයි... මේක ඇහෙන හැම වෙලාවකටම අපේ බැචියක් මතක් වෙනවා මට... ඇයකෙරෙහි මගේ හිතේ කොහෙත්ම ප්‍රෙමණීය හැගීමක් පහල නොවුනත් මොකද්දෝ සුන්දර මතකයක් විතරක් තියනවා... ඇගේ කතාව, හැසිරීම, ඇවිදීම, හරිම කෙලිලොල්, හුරුබුහුටියි... ඇය පිලිබඳ මතකය මිහිරි සිහිනයක දැව‍ටුන, මිහිරි ගීතයක්ම වාගෙයි... අවුරුදු 15 කට විතර පස්සේ මට ඇයව අන්තර්ජාලයෙන් මුනගැහුනා... ඒ වෙලාවේ ඇගේ මූණට එලිය වැටිල තිබුණේ නෑ... මම ඇයට කිව්වා "මට පේන්නේ නෑනේ ඔයාව... කෝ බලන්න බැච් එකේ හිටපු ලස්සනම ලමය තවමත් ඒ වාගෙමද" කියල... ඇය ගත් කටටම කියාපි... "දැන්ද කියන්නේ..." කියල හිනාවෙවී අර වාගෙම...

මිහිරි සිහිනයක දැවටුන... මිහිරි ගීතයක් වාගේ...
ඔබ මට මතකයි... ඔබ මට මතකයි...

අඳුර මැදින් ලසඳ ලෙසින්... ඔබ ආ හැටි මතකයි...
කඳුල මැදින් සුසුම් මැදින්... ඔබ ගිය හැටි මතකයි...

වැසුණු විමන් විවර වුනේ... ඔබ වෙනුවෙන් පමණයි...
කැකුලු පිපී පරව ගියා... සුවඳ අදත් මතකයි....

සිංදුව අහන්න.... ඕන්නම් බාගන්න.... ඔබේ සිතැඟිත් සටහන් කරලම යන්න

20 comments :

  1. ඔයා හරි . සමහර චරිත තියනව සිහිනෙන් ගාපු සුවදක් වගේ මතකයේ රැදෙන චරිත. ඒ චරිත හරිම ආශ්වාදජනකයි.

    ReplyDelete
  2. My 4 year old son heard me try to play and sing this song and he quickly picked the words. Now he is 7 years still he sings this songs. Not sure why he liked it so much.


    Manjula

    ReplyDelete
  3. By the way .. who is that girl ??

    just curios..
    Manjula

    ReplyDelete
  4. @Manjula: Oh really...? That is the best gift you can give to your son Manjula... I wish you and the small fellow... sure he will have a fanttastic taste too..

    The Girl... hmmm... how can I say her name...? Both her and her husband are very good friend of you and me... so this may embarrass them no...?
    you may guess...

    ReplyDelete
  5. WOULD YOU BELIVE... WARAK IS GETTING NEAR HIS 80

    ReplyDelete
  6. Oh my god really...? Our children really miss the work of these people... May the blessings of triple gem be always with these people... Thanks for sharing the news...

    ReplyDelete
  7. ඔහුට දීර්ඝායු වේවා.

    වරකාගොඩ මහත්මයගෙ තවත් ලස්සන සින්දුවක් තමයි "හිරු පායනවා...මල් පිබිදෙනවා (මැණිකේ හිනැහෙනවා)" කියන ගීතය.

    ReplyDelete
  8. මේ කදිම සහෘදයන් හරහා අපිට නැවත, සුන්දර ලංකාවක් ගොඩනගාගන්නට නොහැකි වේද... මගේ පරම පැතුම එයයි....

    ReplyDelete
  9. obawa therumgath biridhak labima wasanawak, habai obe mathakaye thiyana sundara sinduwa .....
    mage sitha piri thibenne oba gana sithuwillen......

    ReplyDelete
  10. හ්ම්ම්ම්.. මගෙ හිත පිරී තිබෙන්නේ මගේ ප්‍රිය බිරිඳගේ සිතුවිල්ලෙන් තමා... ඔය කියන තරුණිය ගැන සිතුවිල්ල හරියට දඹුල්ල බලලා ආපුවහම චිත්‍ර ගැන තියන මතකය වාගේ...

    ReplyDelete
  11. api hemotama oyawage sonduru mathaka thiyenawa

    gamini

    ReplyDelete
  12. Thanks. I was looking for this song.

    Janapriya

    ReplyDelete
  13. තිස්ස දොඩන්ගොඩ said...

    හ්ම්ම්ම්.. මගෙ හිත පිරී තිබෙන්නේ මගේ ප්‍රිය බිරිඳගේ සිතුවිල්ලෙන් තමා... ඔය කියන තරුණිය ගැන සිතුවිල්ල හරියට දඹුල්ල බලලා ආපුවහම චිත්‍ර ගැන තියන මතකය වාගේ.

    දඹුල්ලද සීගිරියද අයියා........... :D

    ReplyDelete
  14. දිලුම්May 9, 2016 at 7:03 PM

    මගේ මතකය නිවැරදි නම් මේ ගීතය ගැන විස්තරයක් කිව්වා කේඩීකේ සමරු වැඩසටහනකදී ඔහුගේ බිරිඳ විසින්. ඇයත් නිවේදිකාවක්, ඒත් මට ඇගේ නම මතක නැහැ හරියටම. සමදරා කෝට්ටගේද? කේඩීකේ ගේ රසිකාවියක් ඔහුට නිතර ලියුම් ලියලා තියනවා. ඇය උඩරට මැණිකේ කෙනෙක්ලු. මට තේරුණ විදියට ඔවුන් කිසිදිනක එකිනෙකා දැකලාවත් නෑ. ඉතින් මේ ගීතයේ මට ඔබ මතකයි යන තැන දක්වා මුල් පද ටික ඇය ඔහුට ලියුමක ලියා එවූ පදලු. කේඩීකේ සම්පූර්ණ කළේ ඉතිරි පද ටිකලු.

    ReplyDelete
    Replies
    1. දුකක් හිතෙනව මෙහෙම දේවල් දකිද්දී...

      Delete
  15. මේ සිංදුව ලිස්ට්එකේ ඉද හිට අහනඑකක්,මේක අහන්න පටංගන්නකොටම ඉතිං මනසින් ලෑස්තිවෙනවා යටිං වාදනයවෙන සංගීතකන්ඩයට අවනතවෙන්න.මුළු සිංදුවේම මොකක්දෝ හතරැස් සද්දයක් යනවාකියළයි මටනම් හිතෙන්නේ.(ටක ටක..ටක ටක ඒ වගේ :) )අන්තිමට සින්දුවටත් වඩා අහං ඉදළතියෙන්නේ අර සංගීතකන්ඩේ.
    කොහේහරි ලියැවුණු තැනකින් දැක්කනම් (ගීතයේ මෙතෙක් ඔළුවට නොවැටුණු වචන) ඒ මේ අදම තමයි,අනික ඒ හා බැදුණු ඔබගේ කතාවත් එක්ක...ස්තූතියි පලකළාට.

    ReplyDelete
  16. ගායනය​: විජේරත්න වරකගොඩ​.
    පද රචනය​: කේ.ඩී.කේ.ධර්මවර්ධන​.
    සංගීතය​: වික්ටර් දළුගම​.

    මිහිරි සිහිනයක දැවටුන මිහිරි ගීතයක් වාගේ
    ඔබ මට මතකයි ඔබ මට මතකයි..
    මිහිරි සිහිනයක දැවටුන මිහිරි ගීතයක් වාගේ
    ඔබ මට මතකයි ඔබ මට මතකයි..

    අදුර මැදින් ලසඳ ලෙසින් ඔබ ආ හැටි මතකයි
    කදුළු මැදින් සුසුම් මැදින්
    ඔබ ගිය හැටි මතකයි
    මිහිරි සිහිනයක දැවටුන මිහිරි ගීතයක් වාගේ
    ඔබ මට මතකයි ඔබ මට මතකයි..

    වැසුණු විමන් විවර උනේ ඔබ වෙනුවෙන් පමණයි
    කැකුළු පිපි පරව ගියා සුවඳ අදත් මතකයි
    මිහිරි සිහිනයක දැවටුන මිහිරි ගීතයක් වාගේ
    ඔබ මට මතකයි ඔබ මට මතකයි..
    මිහිරි සිහිනයක දැවටුන මිහිරි ගීතයක් වාගේ
    ඔබ මට මතකයි ඔබ මට මතකයි..
    ඔබ මට මතකයි..
    ඔබ මට මතකයි..
    ඔබ මට මතකයි..
    ඔබ මට මතකයි..

    ReplyDelete

 
Blogger Wordpress Gadgets