"Good 'Morning' Stanley...!!



නිමිත්ත: උපේන්ද්‍ර සොයුරා ලියූ සටහන හා එයට රවීන් සොයුරා එක්කල සටහන්...

වාසනාව වැඩ ඉන්නේ.... 
විමන් තුලද දෙවියන්නේ.... 
නැහැ එය ලොව වැජඹෙන්නේ.... 
උත්සාහෙන් මිනිසුන්නේ.... 

පිපෙනා සුවඳ සිතිවිලි හදවතේයා ....
පූජා කරන්නේ දාඩිය වෙතේයා ....
බිම කල සිතට මහ සතුටක් දැනේයා.... 
මිනිසුන් තරම් බලයක් ලොව නැතේයා ....

පුතේ දුවේ මේ අහන්න ....
නොවහල් දෙනෙතින් බලන්න.... 
සුමග දිගේ පෙරට යන්න.... 
යා හැකි දුර පා නගන්න.... 

ජය ලද වෙලේ ආඩම්බර නොවේවා.... 
වැරදුනු කලේ වත මුකුලිත නොවේවා.... 
දුක සැප දෙකේදිම හසරැලි නැගේවා.... 
සිතුවිලි තරුව එඩිතර වී දිලේවා.... 

පුතේ දුවේ මේ අහන්න.... 
නොවහල් දෙනෙතින් බලන්න ....
සුමග දිගේ පෙරට යන්න ....
යා හැකි දුර පා නගන්න.... 

ඕන්නම් බාගන්න....

ගී පද රචනය: ආර් ප්‍රේමදාස ශූරීන් 
තනුව: ෂෙල්ටන් ප්‍රේමරත්න සංගීතවේදියානන්
ගායනය: රාජ්‍ය සංගීත කණ්ඩායම

13 comments :

  1. ජය ලද වෙලේ ආඩම්බර නොවේවා....
    වැරදුනු කලේ වත මුකුලිත නොවේවා....
    දුක සැප දෙකේදිම හසරැලි නැගේවා....
    සිතුවිලි තරුව එඩිතර වී දිලේවා....

    අද කාලේට නම් කදිමට ගැලපෙන ගීතයක්. මේ ගීතය නම් මම ඇහුවේ අද.අර පොටෝ එක නම් නියමට ගැලපෙනවා.මචං චිත්‍රපටියේ එන පොටෝ එකක් නේ.

    ReplyDelete
  2. ආර්. ප්‍රේමදාස කිවුවේ හිටපු ජනාධිපති තුමා ද..

    ReplyDelete
  3. වාසනාව වැඩ ඉන්නේ....
    විමන් තුලද දෙවියන්නේ....
    නැහැ එය ලොව වැජඹෙන්නේ....
    උත්සාහෙන් මිනිසුන්නේ....

    නියම සිංදුවක්.

    ReplyDelete
  4. උපේන්ද්‍ර මලයාගේ පොස්ටුව පසුගිය දිනවල බලන්න බැරි වුනා. කොමන්ටුවකට +පේළියක් දැම්මා කියලා සංස්කෘත ඊයකුත් තෑගි ලැබුණා.

    //පුතේ දුවේ මේ අහන්න ....
    නොවහල් දෙනෙතින් බලන්න....//

    මේ ටික හිතට ගන්නවා නම් මොන තරම් වාසනාවක් ද?

    දන් කාලේ පයින් යෑම අඩුයි නෙවැ, ගොඩවෙලා යෑම ට්‍රෙන්ඩ් එක.

    ReplyDelete
  5. සීගිරි ගලේ ගී ලීවේ ඩෝල්ටන්" යැයි මම නම් කවදාවත් හිතන්නෙ නෑ. වැරදිත් තියෙන්න ඇති හැබැයි ඔහු කලාකාමී හදවතක් තිබුණු මිනිහෙක්. අනිත් එක ඔය කවුරු බැන්නත් තාමත් මොකක් හරි වෙච්ච ගමන් "අනේ හිටිය නං" කියවෙනවනෙ.
    මේ ගීතය කලින් අහලා තිබුනේ නෑ. සුපිරි. හැබැයි සවුන්ඩ් කොලිටිය හින්දද කොහෙද මට හිතුණා ගායක ගායිකාවො ගාන අඩුවුණා නම් හොඳයි කියලා. ඔහොම ගීත තිබුණොත් ඔබ ළඟම තමයි ඉතින් ( හැබැයි නාරද දිසාසේකර මහත්මයාගෙ ගීත ටික නම් ලැබෙන එකක් නෑ වගේ... :( )

    ReplyDelete
  6. ප්‍රේමදාස මහතාගේ ගිතවලින් වැඩි ප්‍රමාණයක් සංගිත නිර්මානකරුවන් වූයේ සරත් දසනායක සහ ෂෙල්ටන් ප්‍රේමරත්න සංගිතඥයින් විසින් තමයි.

    ReplyDelete
  7. පුතේ දුවේ මේ අහන්න....
    නොවහල් දෙනෙතින් බලන්න ...

    ඇයි දන්නේ නැහැ නිවහල් දෙනෙතින් බලන්න කීවේ නැත්තේ.......

    සිංදුව පටන් අරන් තියෙන්නේම හොඳ ලස්සන වදනකින්නේ......... ඉතිං කොමෙන්ට් කරන්න ම වෙනවා........ :D

    ReplyDelete
  8. වාසනාව වැඩ ඉන්නේ....
    විමන් තුලද දෙවියන්නේ....
    නැහැ එය ලොව වැජඹෙන්නේ....
    උත්සාහෙන් මිනිසුන්නේ....


    හිතට දැනෙන්න සරල සිංහලෙන්.....

    ReplyDelete
  9. මම හිතුවේ මචං ෆිල්ම් එකේ සිංදුවක් කියල .. පස්සේ නේ මීටර් වුනේ... අර පෝස්ට් එක කියවද්දී දුක හිතෙනවා... හරි දේ ඉගෙනීමෙ අගය සහ අවස්ථාව දැන් දැන් ටික ටික නැති වෙමින් යනවා නේද කියල...

    ReplyDelete
  10. මේ ලිපියට ස්තුතියි.
    @දයානන්ද රත්නායක - ඔය ගී පද රචනා එක්ක ඩෝල්ටන් නාමයත් සමන් චන්‍ද්‍රනාත් නාමයත් කියැවෙනවා නේද?

    ReplyDelete
  11. මගේත් පැතුම මෙයමයි..

    ReplyDelete
  12. ෂාහ් ලස්සන සින්දුව ..අපි නම් ඉස්සර අහල තියෙනව .පරණ සින්දු ආයේ අහන්න ලැබෙන්නේ හදගි පොතෙන් තමයි .

    සින්දු වලට පින්තුර ගැලපීමේදීත් තිස්සය්ය බොහොම දක්ෂයෙක් .

    උපේන්ද්‍රගේ ලිපියත් කියෙව්වා . හුඟක් දෙනෙක් ලියන්න බය වෙන දේ ඔහු කෙලින්ම ලියා තිබුණ

    ReplyDelete
  13. මේ ගීතයත් නැවත උඩුගත කල හැකිනම් වටිනවා. :D

    ReplyDelete

 
Blogger Wordpress Gadgets