සිංහල කලා කෙත තුල මාගේ සිත්ගත් "පුන්‍යා" ලා තිදෙනෙකි. ඒ තිදෙන නියෝජනය කරන්නේ යුග තුනක් වීම අහම්බයකි. පළමුවැන්නා නම් පුන්‍යා හීන්දෙනියයි. ඈ හා සමව යථාර්තවාදී රංගනයන් ඉදිරිපත්කල අනෙකෙකු ඇත්නම් මට අනුව ඒ ස්වර්ණා මල්ලවආරච්චි පමණෙකි. තුන්වෙනි පුන්‍යා මට හමුවන්නේ "සමනළ සංධවනිය" තුලය. මා සිත ඉමහත් කම්පනයක් ඇතිකල ඒ "පුන්‍යා"ද සදා මතකයෙන් බැහැර නොයයි.
දෙවැන්නිය නම් පුන්‍යා කත්‍රිආරච්චි හෙවත් අද කතාන්දරයේ කථා නායිකාවයි.
"ගාථා කියනකොට පන්සලේ බුදුගෙයි ඇතිවන දෝංකාරයට මගේ හිත ඒ කාලේ තදින් ඇලුනා... මගේ කටහඬ මටම අහන්න නැවත නැවතත් ආසාවක් ඇතිවුණා... ඒක කොච්චර දුර දිග ගියාද කියනවානම් මම කවුරුවත් නැති වෙලාවලට බුදුගේ ඇතුලට ගිහිල්ලා 'බුදු සාදූ - බුදු සාදූ සඳුන් ගසක් වෙන්නම් - මම සමන් වැලක් වෙන්නම්' වගේ සින්දු කියන්නත් පෙළඹුණා..." අපගේ කතිකාව අරඹමින් ඈ සිනාසෙන්නීය. "මගේම කටහඬ මටම ඇහෙන නිසා හිස් බැරල් ඇතුලට ඔලුව දාගෙන දෝංකාරය දෙන විදිහට සින්දු කියන්න මම පෙලඹුණා...."
පාසැල් අධ්‍යාපනය හමාර කොට කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළුවූ ඈ කලා උපාධියක් හදාරන අතරතුරදීම සංගීතය විශාරද විභාගය දක්වාම හදාරන්නීය. "මම ආසාවටමයි සංගීතය හැදෑරුවේ..." ඈ ඌනපූරණද එකතු කරන්නීය.
"ඔය අතරතුර සංගීත තරඟවලටත් මම සහභාගී වුණා... ගුවන් විදුලියෙන් පවත්තපු එක තරඟෙක අවසාන වටය එනකොට මම ගුවන් විදුලියේ වැඩටත් ගිහින්... එතනම වැඩකරන හින්දා මට සහභාගී වෙන්න දෙන්න බෑ කිව්වා... ඒත් ඉල්ලීමක් කරහම ඒ අවස්ථාව ලැබුණා... අවසන් තරඟෙට දෙලොස් දෙනෙක් හිටියා... අම්මා කලබලේට ගෙනාපු සාරියයි නොගැලපෙන හැට්ටෙයි ඇඳගෙන සාරි පොටෙන් හැට්ටේ වහගෙන සින්දු කියාපු නිසා කවුරුවත් ඉතින් මුලින් මගේ පින්තූර ගන්නවත් ආවේ නෑ.." ඈ නැවතත් සිනාසෙයි.
"කොහොම හරි ඉතින් සුනිල් එදිරිසිංහත්, සංධ්‍යා කියල කෙනෙකුත් මමත් අවසන් තුන්දෙනාට තේරුණා... මම පළමු වැන්නා වුණා... මම කිව්වේ නන්දා මාලිනිය ගායනා කර තිබූ 'කරදර පොදි බැඳ' ගීය... ඊට පස්සේ නම් ඉතින් පින්තූර ගත්තා ගොඩක් පත්තරවල වල කට්ටිය..." මාධ්‍යයේ ඇස් යොමුවන්නේද ඉව ඇල්ලෙන්නේද අද මෙන්ම එදාත් දිස්නයට මිසක ගුණයට නොවන බව මේ තවත් සාක්කියකි! එහෙත් එදා විනිශ්චය මණ්ඩල වල තීරණ කොපමණ සාධාරණදැයි, දුරදක්නාදැයි, අද පසක් වේ.
"රස්සාවට යන ගමන්ම තමා විශ්වවිද්‍යාලයේ අවසන් වසර දේශන වලට සහභාගී වුණේ... ගුවන් විදුලියේදී කලබලෙන් දවල් කෑම අරගෙන ඔතන තිබ්බ ජාතික පොල හරහා කොළඹ විශ්ව විද්‍යාලයට ඇවිදගෙන එනවා.. කොහොම හරි විභාගයත් සාර්ථකව කරගත්තා... ගුවන් විදුලියේ තැටි ගබඩාවේ වැඩකරන කාලේ මම ටයිපින් ඉගෙන ගෙන තිබ්බ හින්දා මට ෂෙඩුල් ටයිප් කරන්නත් ලැබුණා.. ඒකාලයේ නිවේදක ප්‍රොස්පර් ප්‍රනාන්දු මහත්තයා මට දවසක් කථා කරලා මගේ රුචිකත්වය හොඳ හන්දා කීවා එයාගේ වැඩසටහන් වලට ගීත තෝරන්න කියලා... ඔහොම ගියාම මටම පෑ භාගෙක 'සම්පාදක තෝරයි' වැඩසටහන කරන්න ලැබුණා... මම නිෂ්පාදිකා, සහන නිවේදක වාගේ තනතුරු වලට ගියා... බොහොම ආසාවෙන් උනන්දුවෙන් වැඩ කරපු කාලයක් ඒක.."
"දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට.." සින්දුව ගැන යමක් කියන්න, මගෙන් ඉල්ලීමකි.
"ඒක මගේ මුල්ම සරල ගී වැඩ සටහනට දයා අක්කා ලියා දුන්නු ගීයක්... ඊට කලින් මම 'මට මතකයි ඔබ පිපිලා උන්නා...' එහෙම කියල තිබ්බා... සරල ගී වැඩ සටහන මෙහෙයවෙව්වේ ගුණදාස කපුගේ මහත්තයා... ලොකු වාදක මඩුල්ලක් එහෙමත් හිටියා.. ඒත් මේ ගීය ගයන්න හදනකොට වයලීනයත්, බටනලාවත්, තබ්ලාවත්, ගිටාරයත්, සර්පිනාවත් වයන අයව ඉතිරි කරලා ඔකෙස්ට්‍රා එකේ අනෙක් අයව පිටත් කලා 'දැන් ඔයාලා ඕනේ නෑ..' කියලා... මම පුදුම වුණා මේ මොකක්ද කරන්න යන්නේ කියලා... ඒත් ඒ ගීය පුදුමාකාර විදිහට ලස්සනට කෙරුණා... ඔය ගීය නිසා හාදවුනු, වෙන්වුණු බොහොමයක් දෙනා මට මුණගැහෙනවා... ඕක රින්ග්ටෝන් එකකට කට්ටියක් මගෙන් ඉල්ලුවා ටිකක් වෙනස් කරල දාමුද කියලා... මට දෙන්න හිතක් තිබුණෙ නෑ..."
ඒ තීරණය කෙතරම් හොඳද!
"ඔබතුමියගෙ මම බොහොම ආසාකරන ගීයක් තියෙනවා
'මට නොකියා ඔබ මාගේ හිත ලඟ, රහසින් මේ ලෙස ඇයි ඉන්නේ..'
ඒක කවුද ලීවේ..?" සිත තුල තෙරපෙන ප්‍රස්න ගොන්න සම්බන්දයකින් තොරවම මුවින් ගිලිහෙයි.
"ආ ඔව් ඒක ලීවේ ඩෝල්ටන් අයියා... 'ස්වර්ණ වර්ණ සළු පළඳා ස්වර්ණ තලාවේ, සූරිය දෙවියන් වැඩමන ස්වර්ණ වලාවේ' ඒකත් ඩෝල්ටන් අයියගේ..."
පුන්‍යා කත්‍රිආරච්චි මහත්මිය හමුවීමට යාමට ලකලෑස්ති වෙනවිට මගේ ගෙදර ඇත්තන් ගීයක් මුමුණයි
"බකිනි ගහේ බකිනි මලෙන් පාර අසන්න්නේ..."
"හරි හරි ඒ සින්දුව ගැනත් විස්තර අහන්න කියලනේ ඔය නොකියා කියන්නේ.." මම ඈ අස්වසාලීමි.
"සිතක සතුට නැලවෙන දිය රැලි සේමා,
බසක මහිම ගල පිට ඇඳි ඉර සේමා,
ලඳුනි ඔබේ රුව පිපි තල මල සේමා,
සරා කොමළ මල වට බඹරා සේමා..."
මේක ගැන ඔබතුමියගේ මතකය කොහොමද?
"ඕක කෙරුණේ සේන වික්රමාරච්චිගේ සරල ගී වැඩසටහනකට.. ඒකට මට යුග ගීයකට ආරාධනාවක් ලැබුණා.. ඒකට දයා අක්කා ලියා දීපු ගීයක් මතක හැටියට ඕක... 'ඉපදුන දා සිට මව්පිය සෙනෙහස...' ගීයත් මම සේන අයියා එක්ක කීවේ.. මට සෝමතිලක ජයමහ එක්ක සින්දුවක් කියන්න ලොකු ආසාවක් තිබ්බා... ඊට පස්සේසෝමේ අයියා එයාගෙ වැඩසටහනකට මට ආරාධනාවක් කරලා අපි දෙන්නා 'දෙනුවර මින්පසු එක නුවරක් වෙයි..' ගීය කීවා..."
"මම හරි ආසා මගේ තවත් ගීයක් තියනවා... ය'මන් රාගයෙන් ගැයෙන ඩන්ස්ටන් ද සිල්වා සංගීතය කරපු
'බුදුරැස් දහරින් මුලු ලොව සතපා,
සමන් වතුරු හිමි කරුණා මෙතපා,
ඉසිපතනේ මිගදායේ...'
මට ඕක ඉසිපතනේ මිගදාය ඉදිරිපිටම ඒක කියන්න අවස්ථාවක් ලැබුණා... ඒක හරිම හැඟුම්බර අවස්ථාවක් වුණා..."
"මගෙ තව සින්දුවක් තියනවා... හරිම ලස්සනයි ඔයාට මතකද මේක...?" ඈ ඒ ගමන මට ඉඩක් නොතියාම මා ගී පිපාසය නිවාලයි.. මේක ලිව්වේ ඩෝල්ටන් අයියා... සංගීතවත් කලේ ඩන්ස්ටන් මහත්තයා..
'පෙර කිසි දවසක
කිසියම් කෙනෙකුට
නොලිව්ව සුමිහිරි
ඔබගේ ගීතය
ලියා දෙන්න මට සුහදේ,
ලියා දෙන්න මට සුහදේ.."
ඈ මේවා ගායනා කරන්නේ කිසිම සංගීත භාණ්ඩයක් නොමැතිවය. ඒ කටහඬ තවමත් තාරුණ්‍යයෙන් පිරී ඉතිරී ඇත්තේය. ඒ ඈත අතීතයේ සම්පාදක තෝරයි හා මෙබඳු ගීත වලින් අප ලෝකය සුමිහිරි කල හඬමය. ඈ කියනා හැටියට හඬ නොවෙනස්ව රඳන්නේ නිතර අභ්‍යාසවල යෙදීම නිසාය. ශාස්ත්‍ර ඥානය ලබාගැනීමට ඇයගේ ඇත්තේ නොතිත් ආසාවකි. ඈ දැන් හොඳ හැටි හින්දි භාෂාව දන්නීය. එයට අමතරව කර්ණාටක සංගීතය හැදෑරීම ආරම්භ කර ඇත. ඉගෙනීම කෙරෙහි උපන්ගෙයි මැළිකමක් ඇති මට ඒ නම් අසාමාන්‍ය ආසාවකි!!
"මගෙ නාට්‍ය සින්දුව ඔයාට මතකද.. ආනන්ද විජේසිරිත් එක්ක කියාපු?"
ඒක නම් නොගයා ඉන්නට මම කෙසේවත් ඇයට ඉඩ නොදෙමි!!
"දිවිය ලෝකේ ලඟයි පේන මානේ - කිම්ද සංකා සිතේ මේ විලාසේ.."
අද වන විට ගුවන් විදුලියේ රැකියාවේ නිරත නොවූවද ඈ ගුවන් විදුලිය වෙනුවෙන් නොයෙක් කලාකරුවන් සහභාගී කරවාගෙන "ගී පිළිසඳර" වැඩ සටහන බොහෝ වෙහෙස මහන්සි වී නිෂ්පාදනය කරණු ලබයි.
"මගේ මව්ගුණ ගීතය ඔයාට මතකද...?"
එය නම් කෙසේ අමතක වන්නද?
මගේ ගී එකතුවේ ඉහලින්ම වැජඹෙන්නකි ඒ!
'නිම්මා නැති දුක් විඳ විඳ මා දැඩිකල අම්මා,
පෙම්මා කිරි කැටි හුරතල් බස් තෙපලූ අම්මා,
අම්මා බැති පෙමින් වඳිමි සදා සිරස නම්මා,
සම්මා සම්බුදු හමුවේ නිවන් දකින් අම්මා..'
"සුනිලා ජයන්ති වීරක්කොඩි කියල තරුණ කෙනෙක් තමා ඕක ලීවේ... කපුගේ අයියා තමා සංගීතය සැපයුවේ.." ඈ වගතුග සම්පූර්ණ කරන්නීය. (සම්පූර්ණ ලිපියම නොකියෙව්වත් කම් නැත! මේ ගීතය නොඅසා නොයන්න!)
මගේ සිත පිරී, මුව ගොලුවී ගියා වැනිය. ගුවන් විදුලිය ගැන ඈ කථා කරනුයේ භක්ති පූර්වකය. උපේක්ෂා සහගත කාලාකාරිනියක් වන ඇයගේ ගීත එකතුවක් නිකුත් නොකිරීම ගැන මා ඇයට නැගූ බලවත් දෝශාරෝපනය ඈ ඉවසා සිටියේ සිනහ මුසු මුහුණිනි. විජිත ගුණරත්න වැනි හොඳ සී ඩී තැටි නිකුත් කල නිෂ්පාදකයින් නඩු හබ හරහා දුර්මුඛ වීමෙන් නැතිවී යන්නේ තරුණ පරම්පරාවල යහපත් රුචිකත්වයයි. එකල මෙන් කාර්ගිල්ස්, විශාකාමාල්ස්, සූරිය වැනි නිෂ්පාදකයින් අද නැත. තරංගා හා සින්ග්ලන්කා සිටින්නේ නිද්රෝපගතවය. කේ එන් ඩී හා තොරානා 'යමක්' කිරීමට උත්සාහ දරයි. කලාකරුවනට සීඩී පටයක් වෙනුවෙන් ලක්ෂ ගනන් වියදම් කිරීමට මුදල්ද නැත. ඒ හැකියාව ඇති අයද නිහඬව සිටින්නේ, අද පිටකරනා සීඩී පටය හෙට රුපියල් සියය ගනනේ මල්වත්ත පාරේ දැකීමට ඇති අකමැත්ත නිසාමය.
නැවුම් පොළවක් මත නැවුම් සුවඳකින් අවදිවන්නට, දෙනෙත් හරින්නට, පුත නුඹට කාලයයි!
"අවදි වන්න පුත දෙනෙත් අරිනු පුත - නව හිරු පායන්නේ...
නැවුම් පොළව මත නැවුම් සුවඳමය - ඔබෙ නැහැයට එන්නේ....
පෙර රජ දවසේ උරුමය රැකගෙන - නැවත උපන් පොළවේ...
වෙහෙසෙන් පුතණුවනේ රැක ගන්නට - මතුවන බළ මහිමේ...
දෙදහස් වසරක් හිරු සඳු පසුකර - උදාවුණේ පුතුනේ...
නව නිපැයුම් පිරි නව යුගයක්මය - උදාර වූ පොළවේ...
නව ලොව පුතු හට උරුම කරන්නට - නව සම්පත් මතුවේ...
දැය උල්පත් රන් දිය ගලනා මේ - පොළව ඔබේ පුතුනේ..."
ලලිත් කරුණාරත්නගේ ගී සංකල්පනාවක් ගුණදාස කපුගේ ගේ මියුරු ස්වර සංයෝජනයෙන් හා පුන්‍යා කත්රිආරච්චිගේ මියුරු ස්වරයෙන්....

ලස්සන ගීත ටිකක්.
ReplyDeleteඅනවශ්‍ය සංගීත භාණ්ඩ නැතුව අවශ්‍ය ඒව විතරක් තොරගෙන ලස්සනට වැඩේ කරන එක ඒ ශිල්පියාගෙ දක්ෂතාවයක්. ඒකට දැන් තියෙන ඉන්ස්ටෘමන්ට් ඔක්කොම දාල වැඩේ කරල අල කරගන්නව.
ඇත්තටම සින්ග්ලංකා එකට මොකද උනේ.
තෙරෙන්නේ නෑ මල්ලී! එයාලගේ නුගේගොඩ ස්ටොරුවට ගියාම, සී ඩී එකක් ගත්තහම, දාහේ කොලයක් මාරු කරන්න නෑ! තරංගා නම් ඊට හොඳයි, ඒත් අලුත් දෙයක් කරන්නෙ නෑ. විසාකාමාල්ස් එකට ගිහින් එතන ඉන්න හෙට්ටිආරච්චි මහත්තයගෙන් ඇහුවා පරන ජෙම්ටෝන් කැසට් සොයාගන්න පිළිවෙලක් ගැන. පිටකොටුවෙ විසාකාමාල්ස් එකේ ඉන්න අය්යගෙන් අහන්න කීවා බොහොම අලසව. ලංකාවේ ආයෙමත් වාණිජමවත් සරු සිංහල ගීතයක් බිහිකරගන්න අපට ගොඩාක් මහන්සි වෙන්න වෙනව.
Deleteනිම්මා නැති දුක් විඳ විඳ මා දැඩිකල අම්මා ගීතය බාගත කරගන්න ලිංක් එකක් නැද්ද?
ReplyDeleteඅජූත වීඩියෝ හදල හෙට උදේම යූ ටියුබ් එකට අප්ලෝඩ් කරන හින්ද ඒ වැඩේ නැවැත්තුවා මචෝ.
Deleteමේල් එකක් එවන්න මම සින්දුව එවන්නම්
කාලෙකින් ඇහුවෙ මේ වටිනා ගීත දෙක. බොහොමත්ම පින් තිස්ස මහත්මයා.
ReplyDeleteස්තූතියි සුදසිංහ මහත්තයටත්
Deleteඅනේ මල්ලි, ආසම ගීත ටිකක්. ඇයටත් ඇගේ ගීත වලටත් මම පාසැල් කාලෙ හිටන්ම ආසාකලා. බොහොම පින්. ඒ වාගෙ ගීත අද ඇහෙන්නෙම නැති තරම්. දුකයි ඒ ගැන. මේ පැත්තෙ ඇවිත් නේද?
ReplyDeleteඕ ඔව් නේන්නම් ඇහැලපේ හන්දියෙන් දාලා යන හින්දා බොරලැස්ගොමුවට එවුනේ නෑ අක්කා...
Deleteහෑබෑටම නිනව්වකුත් නැතිව ගියා
එක සහ තුන පුන්යලා දෙන්නටම හිත ගිහින් තිබ්බට මේ පුන්‍යා ගැන මෙච්චර ආලවන්ත හිතක් පහල උනේ මේ පෝස්ට් එක කියෙව්වමයි.. හැබෑටම මේ සමහර ගීත අහල තිබුණට ගායිකාව ඇය බවවත් දැනං උන්නේ නෑ. ඒකත් හරියට මිහිදු හාමුදුරුවෝ 'තිස්ස' ගැන දැනන් උන්නට මී අඹ ගහ ගැන දැනන් උන්නෙ නෑ වගේ. හැක්. හද ගී පොත මට හැමදාම මිස් උනා හරියට බ්ලොග් රෝලෙ අප්ඩේට් වෙන්නේ නැතුව. අද අහම්බෙන් මූණුපොතෙන් සෙට් උනේ.
ReplyDeleteමේ ඉරිදා මව්බිම් අපුවත් පතෙත් පුන්‍යා මහත්මිය ගැන ලියවිලා
Deleteමටත් සතුටුයි ඒකට
පුණ්යාලට ඒ කාළෙ ඉඳල ම ආදරේ කළා.....................Great work Tissa...................!!
ReplyDeleteදන්න කෙනෙක් වගේ.. :-)
Deleteපුණ්‍යා කත්‍රිආරච්චි කියන්නේ අපේ අම්මාගේ ප්‍රියතම ගායිකාව. මේ සින්දු ඒ කාලේ වාදනය වෙන්නේ ගුවන් විදුලියේ "පසන් නිවස" වගේ වැඩ සටහන් වල. ඉස්කෝලේ ඇරිලා ගෙදර ඇවිල්ලා, අම්මා බෙදලා දෙන බත් එකත් අතට අරගෙන, පුටුව උඩ කකුල් දෙකත් උඩා දාගෙන මෙලෝ සිහියක් නැතිව බත් කනකොට මේ සින්දු ඇහෙනවා.....මමත් පොඩ්ඩක් ඇස් දෙක පියාගෙන මේ ඉන්දු අහන ගමන් ඒ මගේ බාල කාලෙට පියෑඹුවා....!
ReplyDeleteමිණි පාදන උඹට පිං.....!
නිවේදනයටත් ගායනයටත් එකසේ සුදුසු කටහඬක් ඒක..
Deleteහැමදාමත් කියනවා වාගේ මේ නම් හද ගී පොතමයි.
ReplyDeleteසඳ හිරු හා තරු එළියේ බලමු කියන කතාන්දරේ :-)
Deleteස්තූතියි සමන්මලී ඔබට!
Ms. Punya Kathreearachchi's songs are superb. I still love them. Thanks for sharing with us Tissa.
ReplyDeleteපුණ්‍ය,දයා ද අල්විස්, කුසුම් පිරිස් මේ තිදෙනා මගේ හදවතේ ගොඩාක්ම ලගින් ඉන්න 03 දෙනෙක්, මට දැනෙන්නේ දයා ද අල්විස් හා කුසුම් පිරිස් යන දෙදෙනාට සම කරන්න පුලුවන් ගීත රචිකාවක් තාම බිහිවෙලා නැ කියලා.මේ දෙන්නාගේ ගීත වලට පුණ්‍ය ලොකු ශක්තියක් වුනා.දැස වසාගමි ඔබ නෙපෙනෙන්ට..... ගීතය ඇහුවාම ඒ බව හොදට තහවුරු වෙනවා .මේ අය ඇයි අැගයිමට ලක් නොවුනේ..ගොඩාක් ස්තුතියි තිස්ස අයියා.ඔයා මේ ලිපියෙන් කරලා තියෙන ඇගයිම අති විශිෂ්ඨයි.
ReplyDeleteDear Tissa
ReplyDeleteSuperb article. Many thanks for taking the trouble to interview artists like Punya who did not receive due recognition. Bakini Gahe Bakini Malen is one of my favourites.
Wonderful work
ReplyDeleteමේ හරවත් ගීත ඇහෙන විට සිත අපේ කුඩා කාලයට ඇදී යනවා. පුන්‍යා මහත්මියගෙ අවදිවන්න පුත ගීතය ලබා ගන්න පුළුවන් ක්‍රමයක් දන්වන්න.
ReplyDelete"පෙර කිසි දවසක කිසියම් කෙනෙකුට"
ReplyDeleteme geethaya ahanna ho download karanna puluwan thanak thiyenawada?