මේක "හන්තානේ කතාව" චිත්රපටියේ ගීයක්...පේරාදෙණිය කැම්පස් එක පසුබිම් වෙච්චි චිත්රපටියක්... රඟපාන්නේ ස්වර්ණයි විජයයි... හරිම සුන්දර චිත්රපටියක්... කියන්නේ නන්දයි, වික්ටරුයි... එක කාලෙක කේමදාස මාස්ටර් පැටලිලා හිටියා ඩබ් ඩී අමරදේව මාස්ටර් සහ ඩබ් ඩී ආරියදාස අතර හබයකට... ඒ වෙලාවේ හබය ගැන කියන ගමන් මේ සිංදුව ගැනත් කිව්වා... මේක මුලින් කියන්න හිටියේ වික්ටර් නෙවෙයිලු... ගණුදෙනු ප්රස්නයක් නිසා, එයාව හලලා වික්ටර්ව ගත්තලු... වික්ටර්ගේ මුල්ම කාලේ කටහඬ දැනටත් වඩා හරිම මිහිරියි... ඔබත් ආසද බලන්න... මේකේ පද වැල් ඉස්පාසුවෙන් කියවන ගමන් අහන්න... සසල හා නිසල හදවත් දෙකක් ගැන නේද මේ කියන්නේ....?
සරා සොඳුරු මල් පැටලී, බිඳී නොයන ජීවිතයයි
නුරා දියර ගඟුල් හැලී, සිහින සදන ජීවිතයයි
කැකුලු සිනා මුතු එලියේ අඳුරු ළෙනේ දොර මතුවේ
සැලේ මහද සැලේ... සැලේ…
වනේ මලට හද විමනේ, බඹරු වඩින ජීවිතයයි
පිපාසතවු මරු කතරේ, පොකුරු වසින ජීවිතයයි
ගලා හැලෙන සිලි සිලියේ, අමා කඳක සුව ගෙනදේ
නිවේ මහද නිවේ... නිවේ...
කුණාටු මැද බොල් අහසේ, එබී බලන සඳ පලුවයි
පුරා හඳට ඉඩ සලසන, අනාගතය ඔබ පමණයි
සැලේ මහද සැලේ සැලේ
අනාගතය ඔබ පමනයි… සැලේ මහද සැලේ... සැලේ…
සිංදුව අහන්න... ඕන්නම් බාගන්න
Read More!
සරා සොඳුරු මල් පැටලී, බිඳී නොයන ජීවිතයයි
නුරා දියර ගඟුල් හැලී, සිහින සදන ජීවිතයයි
කැකුලු සිනා මුතු එලියේ අඳුරු ළෙනේ දොර මතුවේ
සැලේ මහද සැලේ... සැලේ…
වනේ මලට හද විමනේ, බඹරු වඩින ජීවිතයයි
පිපාසතවු මරු කතරේ, පොකුරු වසින ජීවිතයයි
ගලා හැලෙන සිලි සිලියේ, අමා කඳක සුව ගෙනදේ
නිවේ මහද නිවේ... නිවේ...
කුණාටු මැද බොල් අහසේ, එබී බලන සඳ පලුවයි
පුරා හඳට ඉඩ සලසන, අනාගතය ඔබ පමණයි
සැලේ මහද සැලේ සැලේ
අනාගතය ඔබ පමනයි… සැලේ මහද සැලේ... සැලේ…
සිංදුව අහන්න... ඕන්නම් බාගන්න