සුමුදු සීත පවන් හමන...

බස් හොල්ට් එකේ වාත වෙලා, වාත වෙලා අන්තිම මොහොතේ පන්තියට ආවා... මෙන්න ඉතින් register එක ලකුණු කරණවා, කල් අරගෙන, මෙඩිකල් රිපෝට් බල බල, කලින්දා ආපු නැති අයගේ...අපේ උසස් පෙල පන්ති භාර ගුරුතුමී... නම දේවිකා... ඒ කාලේ උසස් පෙල රසායන විද්‍යාවට ප්‍රසිද්ධ ගුරුතුමියක්... හැබැයි ඒ කාලෙ බොහොම තරුණයි...බැඳලත් නෑ... හරි smart.. අර නිළියක් හිටියෙ ශ්‍යාමා ආනන්ද කියලා අන්න එයා වාගේ... අම්මෝ, ලස්සන උනාට කොල්ලෝ හරිම බයයි... කොච්චි මිරිස් කරල වාගේ ... පුදුම සැරක්... මට toilet යන්න හොඳටම උවමනාව... මෙයාගේ වැඩේ ඉවරයක් නෑ... බැරිම තැන නැගිට්ටා... "මම toilet එකට ගිහිල්ල එන්නද මැඩම්.." මම ඇහුවා... මෙන්න මෙයා අහනවා "ආ... මොකටද...?" කියල... මට ඌරු ජුවල්... ඉබේටම කියවුනා.."චූ බරයි මැඩම් ..." කියල.. කොල්ලෝ උඩ පැන පැන හිනාවෙනවා ... මට ඒවා බලන්න සිහියක් නෑ... අරහෙම කියාපු මම අනික් පැත්ත හැරිල ගිහින් නතර වුනේ toilet එකේ... බර හෑල්ලු කරගෙන එනකොට තවත් සහෝදර ගුරුතුමියක් එක්ක කිය කියා බඩ අල්ලන් හිනා වෙනවා ඇයත්... කොරිඩෝවෙදී මාව දැකලා හිනාව පුපුරන්න වාගේ අහක බලාගෙන ගියා... මාත් මට නොවේ වගේ ගියා...ඇයත් එක්ක trips ගියහම අපේ කොල්ලො වරද්දන්නේ නැති සින්දුවක් මේක....කියන්නේ එඩ්මන්ඩ් වික්‍රමසිංහ කියල ගායකයෙක්... හරිම අමුතු සින්දුවක්...ගී රචකයා කියන්න උත්සාහ කරන දේ අනේකයි....

සුමුදු සීත පවන් හමන... වසන්තයේ උදෑසනක...
උයන් කොනේ හුදෙකලාව....
බලා සිටින්නී කුඩා දේවිකා...
රන්වන් පත් ගැලවීලා... ගහ කොල සුලඟට නැවිලා...
විසිරී යනවා... විහිදී යනවා...
ඒ දිහාද... බලා සිටින්නී කුඩා දේවිකා...

ගස් වැල් වල කොල ගැලවී බිමට වැටෙන්නේ...
වැටෙන වැටෙන කොල හැමතැන විසිරී යන්නේ...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... ඔබේ සිතැඟිත් සටහන් කරලම යන්න...

13 comments :

  1. මමත් ආස සින්දුවක්. ඇයි දන්නවද. පුංචි කාලේ මගේ යාළුවෙක් හිටියා දේවිකා කියල. ඒකනෙමෙයි අනේ මාත් හරි ආසවෙන් හිටියෙ රසයන විද්‍යා ගුරුතුමියක් වෙන්න. ජාතික පාසල් ගුරු, පලාත් සහා ගුරු විිභාග 02කම ලිවා. ඒ ගැන නම් කියල වැඩක් නැහැ. දැන් ඒ හීනෙත් අතඇරලා.

    ලස්සන සින්දුව...හදගී පොත නම් ගී උල්පතක්...

    ReplyDelete
  2. ෂ මරු සින්දුව. බොහොම ස්තූතියි පද පෙළටත් ගීතයටත්.

    ReplyDelete
  3. @සොඳුරු සිත: එහෙම උනානම්.. ඇය කොණ්ඩේ දිගට දාලා හැම උදේම එනවා..."" කියන්න තිබුන අපට..
    @Raven බොහොම ස්තූතියි ගොඩවදිල නිකන්ම යන්නේ නැතිව, ලියමනකුත් තියලා ගියාට...

    ReplyDelete
  4. කලින් අහල තිබුණෙ නැහැ. ඇත්තටම අමුතු සින්දුවක් ස්තුතියි!

    ReplyDelete
  5. මේ සිංදුවයි අණාර්ඛලී සින්දුවයි ලියල තියෙන්නෙ එක්කෙනෙක්මද? සුනන්ද මහේන්ද්‍ර ද? දේවිකා ලියවිලා තියෙන්නෙ ලන්ඩනයේ දි කියලා මම අහලා තියෙනවා.

    ස්තුතිය් තිස්ස..!

    ReplyDelete
  6. අපි ලස්සන සිංදු ඇහුවට රචකයා හරියට දන්නේ නැහැනේ... ගීතයේ මව තමයි රචකයා... ඇත්තම කියන්න මම ඔය දෙකේම රචකයින් දන්නේ නැ හෂිත...
    ඔයා ඉල්ලපු සිංදු දෙකනම් ඔන්න "ඔබ කැමති ගී.." ටැබ් එකට දැම්මා...

    ReplyDelete
  7. මෙවන් ගී නැවත ඇසුමට මා පින් කළ බව දැනුනී.......

    ReplyDelete
  8. Thank you Tissa, been looking for this all over! Takes me back to my school days - we never forgot to sing this song when Devika (a friend) was around!
    But more than that, I've always enjoyed the music and the lyrics.
    බොහෝම පින්!

    ReplyDelete
  9. @Chandanie: ප්‍රතිචාරයට බොහොම ස්තූතියි... අපි හැමෝම අතීතකාමියෝ... ඔබ දුන් පිනෙන් වැඩි කොටස ගීයේ නිර්මාපකයන් අනුමෝදන් වුනාවේ... මම ඉබාගාතේ යන බෝතල් පත්තර කාරයෙක් විතරයි....

    ReplyDelete
  10. Dear Tissa

    I chanced upon your excellent site recently quite by chance. Your site is one of the golden threads that bind me to the home country. Please keep up the good work.

    On this particular song, which is one of my favourites as well, my recollection is that the lyricist and singer is Badrajee Mahinda Jayatilaka, a very versatile artist.

    Regards

    ldealwis

    ReplyDelete
    Replies
    1. thank you for the compliment

      the lyricist is Dr. Sunanda Mahendra and the singer is Mr. Edman Wickramasinghe.
      details you can find here:
      http://www.silumina.lk/punkalasa/20081116/_art.asp?fn=ar0811165

      Delete

 
Blogger Wordpress Gadgets