දුරාතීතයේ සාමාන්‍ය දවසක්... ඒ කාලේ කොයි ගෙදරකත් වාගේ රේඩියෝව අපේ ගෙදරත් දාලා තිබුනේ... අල්ලපු ගෙදර ඉන්න අපේ නැන්දා අපේ ගෙදර යම් කාරනයකට ඇවිත් තිබුනා... හදිසියෙන් මගේ අතින් ඇදන් ආපු නැන්දා මාව රේඩියෝවට ලංකරගෙන ලියුම් කවරයක් දිහාවට මගේ ඇහැ යොමු කෙරෙව්වා... මට ඒ කාලේ අවුරුදු තුනක් වුනත් මට මේ සිද්ධිය හිතට කිඳා බැස්සේ සංවේදන ඉන්ද්‍රියන් දෙකක් හරහා ලැබුනු සංවේදනයේ හරය එක හා සමපාත වූ නිසයි... 72 බිරිතානි කිරීටයට තිබිච්ච අන්තිම නීතිමය බැම්ම (62 හමුදා කුමන්ත්රණයේ වරද කරුවෝ නිදහස් වුනේ ඔය කොස්ස තිබිච්ච හින්දායි කියලයි කියන්නේ... දන්නා හැටියට...) ගලවලා දාපු ජනරජ ව්‍යවස්ථාව මුල් කරගෙන ලියැවිච්චි ගීයක් මේක... මේ ගීයට පසුව මුද්දරය නිර්මානය කලාද, මුද්දරයට පසුව ගීය නිර්මාණය කලාද කියන එක නම් දන්නේම නැත... මතකයේ හටියට පද රචකයා කේ ඩී කේ ධර්මවර්ධනයන්ය... අවසානයේ ඇහෙන අත්පොලසන් නාදය කෙතරම් අරුත් බරද...?
සිප එන සමනල මුදුනින්...
ජනරජ දිනකර කිරණින්...
ලංකා රන් තඹර කැකුල...
ලංකා රන් තඹර කැකුල විකසිත වෙනවා...
ආසිරි සත් රුවන් වැසී, ඈත තුසීතයෙන් ඉසී...
ඉසුරු සුවය විඳිනු රිසී, සුරන් පවා බිමට බසී...
භූපාලන නව රැල්ලේ, එක ධජයක සෙවනැල්ලේ...
නිවහල් රන් ඕවිල්ලේ, ජන ජය ගී මංගල්ලේ...
සින්දුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න....
Read More!
සිප එන සමනල මුදුනින්...
ජනරජ දිනකර කිරණින්...
ලංකා රන් තඹර කැකුල...
ලංකා රන් තඹර කැකුල විකසිත වෙනවා...
ආසිරි සත් රුවන් වැසී, ඈත තුසීතයෙන් ඉසී...
ඉසුරු සුවය විඳිනු රිසී, සුරන් පවා බිමට බසී...
භූපාලන නව රැල්ලේ, එක ධජයක සෙවනැල්ලේ...
නිවහල් රන් ඕවිල්ලේ, ජන ජය ගී මංගල්ලේ...
සින්දුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න....